විදුලි බලය ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වශයෙන් යොදා ගන්නා බල ශක්ති ප‍්‍රභවයක් වන්නේ ජලයයි. ශ‍්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ ගංගා ගලායන මාර්ග හරස් කර වේලි බැඳ ඒ ආශ‍්‍රයෙන් විදුලිය නිපදවීම සිදු කරනු ලබනවා. වේල්ලක් ඉදි කිරීමෙන් ඉදිවන ජලාශයේ ඇති විභව ශක්තිය, ටර්බයිනයක් කරකැවීම මගින් චාලක ශක්තිය බවටත්, ඉන් පසු විද්‍යුත් ශක්තිය බවටත් පරිවර්තනය කෙරෙනවා. මෙසේ නිපැදවෙන විදුලිය රැහැන් ඔස්සේ අවශ්‍ය ප‍්‍රදේශවලට බෙදා හැරීම සිදු කෙරෙනවා.මෙරට විදුලිබල අවශ්‍යතාවෙන් 48% ක් පමණ ජල විදුලි බලාගාර මගින් නිපදවෙන අතර 52% ක් පමණ තාප විදුලි බලාගාර මගින් නිපදවාගනු ලබනවා.
මේ අනුව අපගේ විදුලි බල පද්ධතිය ලංකා විදුල බල මණ්ඩලය සතු බලාගාර හා පෞද්ගලික අංශය සතු බලාගාර වශයෙන් කොටස් දෙකකට බෙදී යනවා. මේ අතුරින් ලංකා විදුලි බල මණ්ඩලය සතු විදුලි බලාගාර ප‍්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකියි. එනම්,
1. ලක්ෂපාන විදුලි බලාගාර සමූහය
2 . මහවැලි විදුලි බලාගාර සමූහය
3. අනෙකුත් ජල විදුලි බලාගාර ලෙසයි

Posted by
Technical college Hasalaka
(electrical section 2011-2013)
No comments:
Post a Comment