විද්‍යුත් ක්ෂේත්‍රය
විද්‍යුත් ක්ෂේත්‍රය යන සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ මයිකල් ෆැරඩේ විසිනි. යම් ආරෝපිත වස්තුවක් වටා වූ අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ඇතිවන අතර මේ ක්ෂේත්‍රය තුළ වෙනත් ඕනෑම ආරෝපිත වස්තුවක් මත ක්ෂේත්‍රය මඟින් බලයක් ඇති කරයි. ස්කන්ධයන් දෙකක් අතර ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් ක්‍රියා කරන්නා සේ ආරෝපණ දෙකක් අතර අනන්තය දක්වා වූ ක්ෂේත්‍රයක් හටගන්නා අතර දුරෙහි වර්ගයට ප්‍රතිලෝම ලෙස එය අනන්තය දක්වා පැතිරේ. නමුත් මෙම ක්ෂේත්‍ර යුගල අතර වැදගත් වෙනසක් ඇත. ගුරුත්වාකර්ෂණය සෑම විටම ස්කන්ධ දෙකක් එකිනෙකට ආකර්ෂණය කරන නමුත් විද්‍යුත් ක්ෂේත්‍රයක දී ආරෝපණ දෙකක් ආකර්ෂණයකට හෝ විකර්ෂණයකට භාජනය විය හැක. ග්‍රහලෝක වැනි විශාල වස්තූන්ගේ ශුද්ධ ආරෝපණයක් නොමැති නිසා යම් දුරකින් වූ විද්‍යුත් ක්ෂේත්‍රය ශුන්‍ය වේ. ඒ නිසා දුර්වල වූවත් විශ්වයේ විශාල දුර ප්‍රමාණ හරහා ක්‍රියාකරන ප්‍රධානම බලය ගුරුත්වාකර්ශනය වේ.
සන්නායක තලයක් මතුපිට ක්ෂේත්‍ර රේඛා ධන ආරෝපණයක් නිස්ස්‍රාවනය වේ.අවකාශය තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් සාමාන්‍යයෙන් විචලනය වේ. එහි යම් ස්ථානයක එහි ප්‍රබලතාව එම ස්ථානයේ වූ නිෂ්චල නොගැනිය හැකි තරම් කුඩා ආරෝපණයක් සඳහා (ඒකක ආරෝපණයක් මත) ලෙස අර්ථ දැක්වේ. සංකල්පිත ආරෝපණය (පරීක්ෂා ආරෝපණය) ප්‍රධාන ක්ෂේත්‍රයට බාධා නොකෙරෙන පරිදි ක්ෂේත්‍රයක් නොසාදන ඉතා ක්‍රඩා ආරෝපණයක් විය යුතු අතර චුම්භක ක්ෂේත්‍රවල ආචරණයට ලක් නොවන පරිදි නිෂ්චල විය යුතුය. විද්‍යුත් ක්ෂේත්‍රයක් යනු බලයකි. බලයක් යනු දෛශිකයක් නිසා විද්‍යුත් ක්ෂේත්‍රයක් ද යනු දිශාවක් හා විශාලත්වයක් ඇති දෛශිකයකි. එනම් එය දෛශික ක්ෂේත්‍රයකි.
නිෂ්චල ආරෝපණ මගින් ඇතිවන විද්‍යුත් ක්ෂේත්‍රයක් පිළිබඳ අධ්‍යයනය ස්ථිති විද්‍යුතය යටතේ සිදු වේ. ක්ෂේත්‍රයක් දැක්වීමේදී මනංකල්පිත රේඛා භාවිතා කළ හැකි අතර එහි දී ඕනෑම ස්ථානයක රේඛා දිශාව එම ලක්ෂ්‍යයේ ද ක්ෂේත්‍රයේ දිශාවට සමාන විය යුතුය. මෙම සංකල්පය වර්තමානයේ දී ද භාවිතා කෙරෙන අතර 'බල රේඛා' යනුවෙන් හැඳින්වේ. මෙය ෆැරඩේ විසින් හදුන්වාදෙන ලද්දකි. බල රේඛා යනු ක්ෂේත්‍රයක් තුළ තැබූ ධන ආරෝපණ ඒවා මත බලයක් යෙදෙන බලය නිසා ගමන් කරන පථයයි. මෙම මනංකල්පිත රේඛාවලට භෞතිකමය පැවැත්මක් නොමැත. තවද රේඛා අතර පරතරය පුරාද ක්ෂේත්‍රය පැතිරී පවතී. නිසල ආරෝපණයකින් ස්‍රාවය වන බල රේඛාවලට ප්‍රධාන ලක්ෂණ කිහිපයක් ඇත ඒවා ධන ආරෝපනයකින් පටන් ගෙන ඍණ ආරෝපණයකින් අවසන් වේ. තවද ඒවා අනිවාර්යෙන් හොඳ සන්නායක මාධ්‍යයකට ඍජුකෝණීව ම ඇතුළු විය යුතුය. තෙවැන්න කිසිවිටකත් ක්ෂේත්‍ර එකිනෙක ඡේදනය නොවේ.
අධිවෝල්ටීය උපකරණ සෑදීමේදී ස්තිථි විද්‍යුත් මුලධර්ම වැදගත් වේ. ඕනෑම මාධ්‍යයකට දැරිය හැකි විද්‍යුත් ක්ෂේත්‍ර ශක්තියට සීමාවක් ඇත. මෙම සීමාව ඉක්මවූ විට විද්‍යුත් බිද වැටීමක් ඇතිවන අතර ආරෝපණ කොටස් අතර විද්‍යුත් චාප හටගනී. උදාහරණයක් ලෙස කුඩා දුර ප්‍රමාණ සඳහා සෙන්ටිමීටරයකට හා 30kv හෝ ඊට වැඩි ප්‍රබලතාවක් ඇත. විද්‍යුත් ක්ෂේත්‍රයක් හටගැනීමේ දී වාතය තුළින් විද්‍යුත් චාප දැක්වේ. විශාල පරතර හරහා වාතයේ බිඳ වැටුම් ශක්තිය හීන වේ. එනම් සෙන්ටිමීටරයකට 1kv පමණ වේ. අකුණු ගැසීම මේ සඳහා වඩාත් ප්‍රායෝගික ස්වභාවික නිරීෂණයකි. මෙය සිදුවන්නේ ඉහල නඟින වාත කදන් මගින් වළාකුළුවල ආරෝපණ වෙන් වී වාතයට දරාගත නොහැකි තරම් ප්‍රබල විද්‍යුත් ක්ෂේත්‍රයන් ඒ හරහා හටගත් විටය. මෙසේ වූ ආරෝපිත විශාල වළාකුලක වෝල්ටීයතාව 100Mv වැනි ඉහල අගයක් ගත හැකි අතර 250kwh වැනි විශාල විසර්ජන ශක්තියක් පැවතිය හැක.
සන්නායක වස්තු මගින් ඒවා අසල වූ ක්ෂේත්‍රයක ශක්තිය කෙරෙහි විශාල වශයෙන් බලපෑම් සිදු කරයි. තීව්‍ර තුඩු සහිත වස්තූන්ගේ තුඩු ගමන් කිරීමට සිදු වේ නම් ක්ෂේත්‍ර තීව්‍රතාව තවත් ඉහලවේ. අකුණු සන්නායක සදහා මෙම මුලධර්මය යොදාගනී. තීව්‍ර තුඩු සහිත සන්නායකය එය විසින් ආරක්ෂා කරන ගොඩනැගිල්ලට වඩා ඒ මතට විදුලි සැර ඇද ගනී.
Posted by
Technical college Hasalaka
(electrical section 2011-2013)
1 comment:
good post bro...
Post a Comment